ඔබගේ ගැටළු සහ පිළිතුරු

අප සේවාව සම්බන්ධව ඔබට ඇතිවිය හැකි ගැටළු සහ පිළිතුරු ගැන දැනුවත් වන්න.

1. සේවාව භාවිතය සහ අවශ්‍යතා

විවාහ සිහින යනු කුමක්ද?

විවාහ සිහින යනු ලංකාවේ සුරක්ෂිතම ඩිජිටල් මංගල සේවයයි. දැනට ලංකාවේ පවතින Android App එකක් මගින් විවාහ යෝජනා ලබාගත හැකි සහ යැවිය හැකි සුරක්ෂිතම සේවාව අප වේ.

මෙය අනෙකුත් ඩිජිටල් මංගල සේවා වලින් වෙනස් වන්නේ කෙසේද?

◼ ඔබගේ දත්ත සුරක්ෂිතය.
◼ ඔබ ලියාපදිංචි වුවද ඔබට අවශ්‍යය නම් නිර්ණාමිකව සිටිය හැක.
◼ ඡායාරූප, හඳහන් තොරතුරු, ආදිය වුවද ඔබට ඇතුලත් කලහැක.
◼ ඔබට අවශ්‍යය දත්ත භාවිතා කර (වයස් සීමාව, උස, ‍රැකියාව, දිස්ත්‍රික්කය ආදී වූ) ඔබට ගැළපෙනම පුද්ගලයා සොයාගත හැක.
◼ ඔබටම එක නිමේශයකින් ගැළපෙන අයට විවාහ යෝජනා යැවිය හැක.
◼ අන් අය ඔබට එවන ලද විවාහ යෝජනා ඔබගේ ජංගම දුරකථනයට එවලෙහිම ලබාගත හැක.

එකම ගිණුමකින් එකම පවුලේ දෙදෙනෙකු හට භාවිතා කළ හැකිද?

නොහැක. එක ගිණුමක් එක පුද්ගලයෙකු පමණක් භාවිතා කල යුතුවේ. අප ආයතනය ඒ පිළිබඳව සූක්ෂමව සොයාබලන අතර ගිණුමෙහි සියලු තොරතුරු වෙනස් කිරීම් අප අධීක්ෂනය යටතේ සිදුවේ. එසේ භාවිතා කිරීම හෝ භාවිතාකිරීමට තැත් කිරීම මගින් ඔබගේ ගිණුම අත්හිටවීමට හෝ අවලංගුවීමට ඉඩ ඇත.

මෙම සේවාව ලබාගැනීම සඳහා අවශ්‍යය වන්නේ මොනවාද?

◼ Android දුරකථනයක්
◼ ඊ-මේල් ගිණුමක්
◼ යෝජිත පුද්ගලයාගේ ජාතික හැදුනුම්පතෙහි දෙපස ඡායාරූප

සේවාවෙහි ලියාපදිංචි වීම සඳහා යෝජිත පුද්ගලයා :
◼ ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය.
◼ අවුරුදු 18ක් සම්පූර්ණ වී තිබිය යුතුය.

Apple හා Windows දුරකථන සඳහා මෙම App එක භාගත කල හැකිද?

නොහැක. මේ සඳහා ඔබට අනිවාර්යෙන්ම Android දුරකථනයක් අවශ්‍යය වේ. අප ඉදිරි කාලයේදී Apple දුරකථන (iOS) වලටද, විවාහ සිහින සේවාව ලබා දීමට බලාපොරොත්තු වෙමු.

2. සේවාවෙහි ලියාපදිංචිය

නව ගිණුමක් සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

අපගේ වෙබ් පි‍ටුවේ ඇති පෝරමය පුරවා හෝ අපගේ Android App එක Google Play එකෙන් භාගත කරගෙන ඔබට නව ගිණුමක් සඳහා ලියාපදිංචි විය හැක.

කේන්දරය ඇතුළත් කරන්නේ කෙසේද?

මෙහිදී ඔබ ඔබගේ උපන් වේලාව ඇතුලත් කල හැක.

3. ගිණුම් සථ්‍යාපනය සහ සක්‍රීය කිරීම

ගිණුම් සත්‍යාපනය යනු කුමක්ද?

අප සේවාවේ විශ්වාසනීයභාවය උදෙසා ඔබ සපයන තොරතුරු වල සත්‍ය-අසත්‍ය භාවය පරීක්ෂා කිරීමෙන් තොරව අපගේ සේවාවෙහි ලියාපදිංචි කරගනු නොලැබේ. මෙම සථ්‍යාපන ක්‍රියාවලිය ඔබගේ ජාතික හැඳුනුම්පත පරීක්ෂාවෙන් පසු සිදු කෙරේ.

මාගේ ගිණුම සත්‍යාපනය වූ බවට දැන ගන්නේ කෙසේද?

ගිණුම සථ්‍යාපනය කල පසු ඒ බව ඔබට Push-Notifications සහ SMS මාර්ගයෙන් දැනුවත් කරයි.
මේ සඳහා පැය 48 කට නොවැඩි කාලයක් ගතවේ.

දුරකථනය සත්‍යාපනය කරන්නේ කෙසේද?

ඔබ ලියාපදිංචි වීමේදී ඔබගෙන් දුරකතන අංකයක් ලබා දීමට සිදුවේ.එහිදී අප ආයතනය මගින් ඔබ ඇතුලත් කල දුරකථනයට කෙටි පණිවිඩයක් මගින් රහස් කේතයක් එවනු ලැබේ.එම කේතය ඔබ ඇතුලත් කිරීමෙන් ඔබට ඔබගේ දුරකථනය සත්‍යාපනය කළ හැක.

පැකේජයන් මිලදී ගන්නේ කෙසේද?

සියලුම ගණුදෙනු PayHere අන්තර් ජාල සේවාව හරහා සිදු කෙරේ. ඔබගේ අභිමතය පරිදි ඕනෑම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් පතක් මගින් සහ Dialog genie,Frimi , Ez Cash , Mcash මගින් ගෙවීම් කළ හැක. ගෙවීම් සාර්තථක ලෙස සිදු වූ විට ඔබගේ දුරකතන අංකයට කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කරනු ලැබේ.

4. තොරතුරු වල රහස්‍යභාවය සහ නිරවද්‍යයභාවය

මා සපයනු ලබන තොරතුරු වල රහස්‍යයභාවය ආරක්ෂිතද?

අප ඔබගේ නිර්නාමිකභාවය 100%ක් සුරකින අතර ඔබගේ තොරතුරු කුමන හේතුවක් මත හෝ තෙවන පාර්ශවයකට නිරාවරණය නොවේ.

මාගේ තොරතුරු දිස්වන්නේ කා හටද?

ඔබගේ තොරතුරු දිස්වන්නේ අපගේ ලියාපදිංචි හා සත්‍යාපිත පරිශීලිකයන්ට පමණි. අලුතින් ලියාපදිංචි වන සියලුම පරිශීලිකයන් සපයන තොරතුරුවල සත්‍ය-අසත්‍ය භාවය පරික්ෂා කිරීමකින් තොරව, කලින් ලියාපදිංචි වූ අයගේ තොරතුරු හෙලිදරව් වීමක් සිදු නොවේ.

ඔබගේ කුමන තොරතුරු කවරෙකුට නිරාවරණය කරනවාදැයි යන්න ඔබටම තීරණය කිරීමට පහසුකම් සලසා දී ඇත.

◼ ඔබ සාර්ථකව ලියපදිංචි වීමෙන් පසුව වුවද පරිශීලකයන්ට පෙන්වනුයේ ඔබගේ මූලික තොරතුරු (වයස, උස, රැකියාව ආදිය) පමණකි. එම නිසා ඔබගේ නිර්නාමික භාවය ආරක්ෂා වනු ඇත.
◼ ඔබ අපගේ ලියපදිංචි පාරිශීලකයෙකුගේ යෝජනාවකට අයදුම් කරන විට පමණක් ඔබගේ අනෙකුත් තොරතුරු (පවුලේ තොරතුරු, කේන්දර, චායාරූප ආදිය) වෙනත් පාර්ශවයකට දිස්වීමට ඔබට අවශ්ය පරිදි තෝරාගත හැක.
◼ ඔබගේ යෝජනාවට ඔවුන් මනාපව ප්රතිචාර දැක්වුවහොත් පමණක් ඔබගේ සහ ඔවුන්ගේ සම්බන්ධතා තොරතුරු (ඊමේල් ලිපිනය සහ දුරකථන අවශ්ය නම් පමණක්) එකිනෙකාට දිස්වනු ඇත.

මෙහි ව්‍යාජ ගිණුම් හිමියන් සිටීද?

නැත.

ලියාපදිංචි ගාස්තු අය කිරීම මගින්, එසේ තැත් කිරීමට ඇති ප්‍රවණතාවයද අඩු අතර, නිරන්තරයෙන් පරිශීලක ගිණුම් අප ආයතනයේ අධීක්ෂනයට ලක්වන බැවින් එවැනි ව්‍යාජ ගිණුම් ලියාපදිංචි කිරීම හෝ පවත්වාගෙන යෑම කල නොහැක. ඔබට සැක සහිත ගිණුම් අපට වාර්තා කිරීමට පහසුකම් සලසා ඇති අතර එම ගිණුම් සම්බන්ධයෙන් සොයා බලා දැඩිව ක්‍රියාකරනු ලැබේ.

මෙහි සඳහන් පරිශීලකයින්ගේ තොරතුරු සියල්ල සත්‍යයද?

අයදුම්කරුගේ උපන් දිනය, දිස්ත්‍රික්කය ඇතුළු මූලික තොරතුරුවල සත්‍යයභාවය අප විසින් තහවුරු කරයි. එසේම ඔවුන් සපයන සම්බන්ධීකරණ තොරතුරු දුරකථන මාර්ගයෙන් සත්‍යාපනය කිරීමෙන් අනතුරුව පමණක් ඔවුන් ලියාපදිංචි කිරීම සිදු කෙරේ. පරිශීලකයන් විසින් සපයන අනෙකුත් තොරතුරු වල සත්‍ය-අසත්‍ය භාවය පිළිබන්ධව අප ආයතනය වගකීමක් නොදරයි.

5. තොරතුරු එකතුකිරීම සහ වෙනස්කිරීම

ලියාපදිංචි වීමේදී සපයනු නොලද තොරතුරු පසුව එක් කල හැකිද?

හැකිය. මේ සඳහා මාගේ ගිණුම මෙනුව තුළට පිවිසෙන්න. ඔබ එකතු කරනු ලබන තොරතුරු අප ආයතනයේ අධීක්ෂණය යටතේ එක් කෙරේ.

මා ලියාපදිංචි වන විට ලබා දුන් තොරතුරු වෙනස් කිරීමට හැකිද?

අප සේවාව අවභාවිතා කිරීම අවම කිරීම සඳහා, ඔබගේ මූලික තොරතුරු වෙනස් කිරීම සීමා කර ඇත. අනෙකුත් තොරතුරු වෙනස් කර ගැනීමට "මාගේ ගිණුම" මෙනුවවෙන පිවිසෙන්න.

මූලික තොරතුරු වෙනස් කිරීමට අවශ්ය නම් කෙසේ කල යුතුද?

ඔබට මූලික තොරතුරු වෙනස්කිරීමට අවශ්ය වේ නම් ඒ සඳහා අප වෙත ඉල්ලුම් කල යුතු වේ. එම පෝරමයට පිවිසීමට ප්රධාන මෙනුවේ "අප අමතන්න" වෙත පිවිසෙන්න.
ඔබ ලබා දෙන නව තොරතුරු සහ පෙර ලබාදී ඇති තොරතුරු සන්සන්දනය කර අප ආයතනය මගින් එම වෙනස සිදුකර ඔබට දැනුම් දෙනු ඇත. එම නව තොරතුරු අනුමත කිරීමෙහි හෝ නොකිරීමෙහි සම්පූර්ණ අයිතිය අප ආයතනය සතුය.

මා එකතු කරන ලද සහ වෙනස් කල තොරතුරු නැවත පරීක්ෂාවකට ලක් වේද?

ඔව්. අප සේවයේ විශ්වාසනීයභාවය උදෙසා, ඔබ වෙනස් කරන ලද හෝ එකතු කරන ලද සියලු තොරතුරු අනෙකුත් පාර්ශවයන්ට දිස් වනුයේ, අප ආයතනය විසින් යලිත් පරීක්ෂාවට ලක් කිරීමෙන් පමණකි.

එකතු කල හෝ වෙනස් කල තොරතුරු අධීක්ෂණය කර මාගේ ගිණුමේ එම තොරතුරු දිස් වීමට කොමපණ කාලයක් ගත වේද?

සාමාන්‍යයෙන් පැය 48ක් ඇතුළත සිදුකෙරේ. ඒ බව ඔබට Push-Notification මගින් දැනුම් දෙනු ලැබේ.

මගේ ගිණුමේ වෙනස් කළ තොරතුරු දිස්වන්නේ කෙසේද?

ඔව්. සෑම විටම ඔබගේ ගිණුමෙහි දිස් වන්නේ අවසන් වරට අධීක්ෂණය කල තොරතුරු වේ.

6. යෝජනා සෙවීම, යැවීම සහ ලබා ගැනීම

විවාහ යෝජනාවක් සොයන්නේ කෙසේද?

පළමුව "යොජනා සෙවීම" මෙනුව වෙත ගොස් ඔබගේ කැමැත්ත පරිදි වයස් සීමාව, උස සීමාව, දිස්ත්‍රික්කය හෝ පළාත, ‍රැකියාව අනුව විවාහ යොජනා සෙවීම කල හැකිය.
ඔබට අවශ්‍යය නම් සමේ පැහැය, කුලය ආදී වූ අතිරේක තොරතුරු භාවිතයෙන්ද ඔබට ගැළපෙනම සිහින කුමරා හෝ කුමරිය සොයා ගත හැක.

ගැලපෙන විවාහ යෝජනා දිස්වන්නේ කෙසේද?

මේ සදහා ගැලපෙන යෝජනා මෙනුව වෙත යන්න.එහිදී ඔබ පෙර සදහන් කල ඔබගේ සිහින සහකරුවගේ තොරතුරු වලට 75% වඩා ගැලපෙන ගිණුම් එහි දිස්වනු ඇත.

දිනකට යෝජනා කොමපණ ප්‍රමාණයක් ලැබිය හැකිද?

අසීමිතව ඔබට යෝජනා ලැබිය හැකි වේ. නමුත් ඔබගේ ලැබුනු මුළු යෝජනා ගණන 50 ක් වූ විට නව යෝජනා ලබා ගැනීම සඳහා අනවශ්‍යය යෝජනා මකා දැමිය යුතුය.

යෝජනාවකට පක්ෂව ප්‍රතිචාර දැක්වූ පසු, කලින් එම පාර්ශවයට නොපෙන්වූ තොරතුරු පෙන්විය හැකිද?

හැකිය. මේ සඳහා ඔබට "යැවූ යෝජනා" මෙනුව වෙත පිවිස, අදාළ යෝජනාව මත Click කර "අයදුම්කරුට දිස්වන ඔබගේ තොරතුරු" කොටස යටතේ, ඔබට පෙන්වීමට අවශ්‍යය තොරතුරු ඉදිරියෙන් හරි ලකුණ දමා Save කරන්න.

7. ගිණුම් අවලංගුවීම සහ සීමාවන්

ඔබට යැවිය හැකි යෝජනා වැඩි කිරීම.

සිල්වර් - විවාහ යෝජනා 10ක් (රු.799)
ගොල්ඩ් - විවාහ යෝජනා 25ක් (රු.1499)
ප්ලැටිනම් - විවාහ යෝජනා 50ක් (රු.2799)

විවාහ යෝජනා ලබා ගැනීමට ගාස්තුවක් අය වේද?

නැත. මෙය සම්පූර්ණයෙන් නොමිලේ වේ.

විවාහ යෝජනාව යැවීමට ගාස්තුවක් අය වේද?

ඔව්.මේ සදහා ඔබගේ අවශ්‍යතාවය පරිදි අපගේ පැකේජයන් ‍තෝරා ගත යුතුය.

සිල්වර් - විවාහ යෝජනා 10ක් (රු.799)
ගොල්ඩ් - විවාහ යෝජනා 25ක් (රු.1499)
ප්ලැටිනම් - විවාහ යෝජනා 50ක් (රු.2799)

මාගේ ගිණුම අත්හිටුවීමට ලක්විය හැකිද?

අප සේවාව අවභාවිතා කිරීම හෝ අවභාවිතා කිරීමට තැත් කිරීම, අනවශ්‍යය ලෙස තොරතුරු වෙනස් කිරීම හෝ සාවද්‍යය තොරතුරු ඇතුලත් කිරීම, ව්‍යාජ ඡායාරූප ඉදිරිපත් කිරීම, සපයන තොරතුරු හෝ පණිවුඩ වල පරුෂ/අසැබි වචන භාවිතය, අදාළ පාර්ශවයෙහි කැමැතත නොමැතිව යෝජනා පළ කිරීම ඇතුළු ඔබ අපගේ පරිශීලක ගිවිසුම කඩ කරනු ලබන ඕනෑම අවස්ථාවකදී ඔබගේ ගිණුම අත්හිටුවීමට ලක්විය හැකිය.

අප සේවාවේ ලියාපදිංචි පරිශීලකයින් සමඟ Chat කිරීමට හැකිද?

නොහැක. වඩාත් ගුණාත්මක සහ විශ්වාසනීය සේවයක් ලබා දීම සඳහා පරිශීලකයන් අතර තොරතුරු හුවමාරු කිරීම අප සේවාව හරහා සිදු කල නොහැක. ඒ සඳහා ඔවන් සපයන ලද ඊ-මේල් ලිපිනය (සත්‍යාපනය කරන ලද) සහ නිවසේ දුරකථන අංකය හා ලිපිනය (සපයා ඇති නම් පමණක්) භාවිතා කල යුතුය.